හබරණ – අනුරාධපුර මාර්ගයේ රිය අනතුරකින් පස්දෙනෙකු රෝහලට

Share

පොලිස් අණ නොතකා ධාවනය කළ මෝටර් රථයක් හබරණ – අනුරාධපුරය මාර්ගයේ 14 කණුව ආසන්නයේදී මාර්ගයෙන් ඉවතට පැන ගසක හැපී සිදුවූ අනතුරකින් එහි ගමන් කළ පස්දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙන බවට වාර්තා වෙයි.

පොලීසිය සඳහන් කළේ, ඊයේ (22) රාත්‍රියේ සිදුවූ මෙම අනතුරින් තුවාල ලැබූවන් හබරණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව දඹුල්ල රෝහල වෙත මාරු කර යැවුණු අතර, බරපතල තත්ත්වයේ පසුවූ දෙදෙනෙකු පසුව මහනුවර මහ රෝහල වෙත යවා ඇති බවයි.

අනතුර සිදුවන අවස්ථාවේදී මෙම පිරිස බීමත්ව සිට ඇති බවට සැක කෙරේ.

Read more

Local News