ඇෆ්ගනිස්ථානයේ බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය ගණන 57 දක්වා ඉහළට

Share

ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවරට ඊයේ එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය පුද්ගලයින් ගණන 57 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

එයින් තවත් 119 දෙනෙකු පිරිසක් තුවාල ලබා තිබේ.

කාබුල් නුවර පිහිටි ඡන්ද දායකයින් ලියාපදිංචි කිරීමේ මධ්‍යස්ථානයක් ඉදිරිපිට බෝම්බය පුපුරා ගොස් තිබුණි.

අදාළ ප්‍රහාරය තලෙයිබාන් සංවිධානය විසින් සිදුකළ බවට ඇෆ්ගනිස්ථාන ආරක්ෂක අංශ ප්‍රකාශ කළ ද තලෙයිබාන් සංවිධානය අදාළ චෝදනා ප්‍රතික්ෂේප කර ඇත.

මිය ගිය පිරිස අතර කාන්තාවන් 21දෙනෙකු හා කුඩා දරුවන් පස්දෙනෙකු වන බව සදහන් ය.

Read more

Local News