ජනපති සහ අගමැති අතර හමුවක් අද

Share

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවේ කැබිනට් සංශෝධනය සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන් අතර අද (23දා) පැවැත්වීමට නියමිත බවයි.

එක්සත් ජාතික පක්ෂ පාර්ශ්වයෙන් කැබිනට් සංශෝධනයක් පසුගියදා සිදුකෙරුණු නිසා නැවත කැබිනට් සංශෝධනයක අවශ්‍යතාව පිළිබඳ යම් යම් අදහස් පළවෙමින් පවත්නා බවත්, ඒ සම්බන්ධව එක්සත් ජාතික පක්ෂය ගන්නා තීරණය සම්බන්ධව අද පැවැත්වෙන සාකච්ඡාවෙන් පසු දැනුම් දෙන බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

Read more

Local News