කේට් කුමරියව තුන්වන දරු ප්‍රසූතිය සඳහා රෝහල්ගත කරයි

Share

විලියම් කුමරුගේ බිරිඳවන කේට් මිඞ්ල්ටන් සිය තුන්වන දරු ප්‍රසූතිය වෙනුවෙන් රෝහල්ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අද (23දා) උදෑසන කාලයේදී මධ්‍යම ලන්ඩනයේ, පැඩින්ග්ටන් හි සෙන්ට් මේරීස් රෝහල වෙත කේට් කුමරිය ඇතුළත් කර තිබුණි.

විලියම් කුමරුට හා කේට් කුමරියට දාව අලුත උපදින දරුවා බ්‍රිතාන්‍යයේ රාජකීය කිරුළේ පස් වැනි හිමිකරු බවට පත්වන අතර, ඔහු හෝ ඇය දෙවැනි එළිසබෙත් රැජිනගේ හය වැනි මී මුණුබුරා හෝ මිණිබිරිය බවට පත්වනු ඇත.

 

Read more

Local News