ජනපති ඉදිරියේ නව අභියාචනාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු දිවුරුම් දෙයි

නව අභියාචනාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු ඊයේ (23) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී දිවුරුම් දුන්හ.

ඒ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේදී ය.

මහාධිකරණ විනිසුරු එම්.ඒ. සමයවර්ධන මහතා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් අර්ජුන ඔබේසේකර මහතා මෙලෙස ජනාධිපතිතුමා ඉදිරියේ නව අභියාචනාධිකරණ විනිසුරුවරුන් ලෙස දිවුරුම් දුන්හ.