කේට් කුමරියගේ සහ විලියම් කුමරුගේ තුන්වන දරුවා මෙළොව එළිය දකීයි

Share

කේම්බ්‍රිජ් ආදිපාදවරිය වන කැතරීන් (කේට්) කුමරිය සහ ආදිපාදවරයා වන විලියම් කුමරුට දාව මෙළොව එළිය දුටු රාජකීය පුත් කුමරා රෝහලෙන් නික්ම කෙන්සිංග්ටන් මාළිගය වෙත රැගෙන යාම බ්‍රිතාන්‍ය වේලාවෙන් ඊයේ සවස සිදුවිය.

බ්‍රිතාන්‍ය වේලාවෙන් පෙ.ව.11.01 ට මෙළොව එළිය දුටු කුමරාගේ පැමිණීම ඇසීමෙන් ඔහුගේ වැඩිමහලු සහෝදරයා වන ජෝර්ජ් කුමරු සහ නැගෙණිය වන චාර්ලට් කුමරිය මහත් සේ සතුටට පත්වූ බව මෙම අවස්ථාවේදී වඩාත් සතුටට පත්ව සිටි විලියම් කුමරු මාධ්‍ය හමුවේ පැවසීය.

රාත්තල් 8යි, අවුන්ස 7ක් බරින් යුතු පුත් කුමරා රැගෙන කේට් කුමරිය සහ විලියම් කුමරා සෙන්ට් මේරීස් රෝහලේ, ලින්ඩෝ වින්ග් දොරටුවෙන් මාධ්‍ය ඉදිරියට පැමිණියේ ඉන් අනතුරුවය.

ඔවුන් දෙදෙනා වඩාත් සතුටින් සිටි අවස්ථාවක් ලෙස එම අවස්ථාව විදෙස් මාධ්‍ය විසින් හඳුන්වා දුන් අතර, මීට පෙර ජෝර්ජ් සහ චාර්ලට් ඉපදුණු මොහොතේ ඔවුන් මාධ්‍ය ඉදිරියට පැමිණි අතීත සිදුවීම්ද සිහිපත් කරන්නට විණි.

Read more

Local News