පාසල් සිසුන් දෙදෙනෙකු විසින් පළමුවරට ඉදිරිපත් කරන දියයට ඡායාරූප ප්‍රදර්ශනයක්

Share

ශ්‍රී ලංකාවේ පාසල් සිසුන් දෙදෙනෙකු විසින් පළමුවරට ඉදිරිපත් කරන දිය යට ඡායාරූප ප්‍රදර්ශනයක් එළඹෙන 26 හා 27 යන දෙදින තුළදී කොළඹ ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේදි පැවැත්වීමට නියමිතය.

කොළඹ ඩී.එස්. සේනානායක විදුහලේ 13 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන තිසර ශ්‍රීමාල් කුරුප්පු හා කොළඹ මහානාම විදුහලේ 08 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සංදේශ රවිමාල් කුරුප්පු යන සහෝදරයන් දෙදෙනා එක්ව මෙම ඡායාරූප ප්‍රදර්ශනය පවත්වති.

ප්‍රදර්ශනයට ඡායාරූප 100කට වැඩි ප්‍රමාණයක් ඇතුළත් කර අැත.

Read more

Local News