කිලිනොච්චියෙන් එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් යුද සමයේදී භාවිතයට ගත් භූගත බංකරයක් හමුවෙයි

Share

එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් යුද සමයේදී භාවිතයට ගත් බවට සැකකරන භූගත බංකරයක් ආරක්ෂක අංශ විසින් කිලිනොච්චිය අරසන්කේනි ප්‍රදේශයේදී සොයා ගනු ලැබ තිබේ.

අරසන්කේනි ප්‍රදේශයේ නැවත පදිංචි පුද්ගලයෙකු විසින් තම ඉඩම පරික්ෂා කිරීමේදී අදාළ භූගත බංකරය දැක තිබේ.

කොටි සාමාජිකයන් විසින් යුද සමයේදී ආරක්ෂක අංශ ප්‍රහාරවලින් බේරීමට මෙම බංකරය අඩි 35ක් තරම් වූ ගැඹුරකට කපා එහි උඩ කොටස ඝන කොන්ක්‍රීට් තට්ටුවකින් වසා ඇති බවට මෙහිදී අනාවරණය වී තිබේ.

මෙම බංකරය තිබූ ස්ථානයේ යුද සමයේදී කොටි කඳවුරක්ද තිබූ බවටද යුද හමුදා නිලධාරීහු සැක පළ කරති.

මෙම භූගත බංකරය ඉදිරියේදී විනාශ කර දැමීමට පියවර ගන්නා බවටද යුද හමුදා නිලධාරීහු කියා සිටියහ.

Read more

Local News