වෙසක් සමයේ සුරාබදු දෙපාර්තමේන්තුවෙන් විශේෂ අධීක්ෂණ වැඩපිළිවෙලක්

Share

ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව විසින් වෙසක් උත්සවය පැවැත්වෙන කාල සීමාවේ දී දිවයිනම ආවරණය වන පරිදි සුරා අපරාධ සහ සුරාබලපත්‍ර ලත් ස්ථාන ආශ්‍රිත අක්‍රමිකතාවන් වැළැක්වීම පිණිස විශේෂ අධීක්ෂණ වැඩසටහනක් සංවිධානය කොට ඇත.

සුරාබදු කොමසාරිස් ජනරාල් ආර්.සේමසිංහ මහතාගේ උපදෙස් පරිදි අප්‍රේල් 27 දින සිට මැයි 03 දින දක්වා මෙම අධීක්ෂණ වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙයි.

මෙම සමස්ත වැඩසටහන අධීක්ෂණය කිරීමේ වහකීම දෙපාර්තමේන්තුවේ නීති ක්‍රියාත්මක කිරීමේ අංශය වෙත පවරා ඇති අතර එම වැඩසටහනේ ප්‍රගතිය නිරීක්ෂණය කිරීම සඳහා සුරාබදු මූලස්ථානයේ පැය 24 පුරා  ක්‍රියාත්මක වන විශේෂ යාන්ත්‍රණයක් ද ස්ථාපිත කර ඇත.

මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට මහජන සහාය අපේක්ෂා කරයි. ඒ අනුව දිවයිනේ ඕනෑම ස්ථානයක සිදුවන සුරා අපරාධ සහ සුරබදු බලපත්‍ර ලත් ස්ථාන ආශ්‍රිත අක්‍රමිකතවන් සම්බන්ධයෙන් පහත සඳහන් දුරකතන අංක වෙත තොරතුරු ලබාදෙන ලෙස සුරාබදු දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

දුරකතනය- 0112-045077
ෆැක්ස් අංකය- 0112-877882
විද්‍යුත් ලිපිනය- oiccrime@excise.gov.lk

Read more

Local News