දුම්වැටි තොගයක් සමඟ චීන ජාතිකයෙකු අත්අඩංගුවට

Share

රේගු නීති උල්ලංඝණය කරමින් චීන ජාතිකයකු මෙරටට රැගෙන ආ රුපියල් හාරලක්ෂ අසූපන් දහසක් වටිනා දුම්වැටි තොගයක් ඊයේ (23) අත්අඩංගුවට ගත් බව කොටවිල පොලීසිය පවසයි.

චීනයේ නිෂ්පාදිත මෙම දුම්වැටි සමාගම් පහකට අයත් ඒවා බවත් මෙම දුම්වැටි ශ්‍රී ලාංකිකයන්ට රුපියල් 85-90 අතර මිලකට අලෙවි කරන බවට පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන ඇත.

අත්අඩංගුවට ගත් 52 හැවිරිදි චීන ජාතිකයා සහ දුම්වැටි තොගය මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read more

Local News