කඩුගන්නාව ගල් බිංගෙහි ඇතිවී ඇති පැල්ලම් හේතුවෙන් බිංගෙයට ඇතුළුවීමත්, නැරඹීමටත් තහනම් වෙයි

Share

කඩුගන්නාව ගල් බිංගෙයෙහි ඇතිවී ඇති පැල්මේ අවදානම් තත්ත්වය හේතුවෙන් ගල් බිංගෙය පිවිසුම් මාර්ගයේ වාහන ගමනාගමනය තහනම් කිරීමට හා නරඹන්නන් එහි ගැවසීම අනතුරුදායක වන බැවින් එහි ගැවසීම තහනම් කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය පියවර ගෙන තිබේ.

එහි ඇති පැල්ම හා ගල් බිංගෙයට යටින් ඉදිකර ඇති ගල් බැම්මද පුපුරා ඇති බව දකින්නට ලැබේ.

මෙහි ඇති පැල්ම නිරීක්ෂණය කිරීම සඳහා ඊයේ (23දා) මධ්‍යම පළාත් පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂක ගුණතිලක මහතා ඇතුළු නිලධාරී කණ්ඩායමක්ද, අද (24දා) ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ මහනුවර ස්ථාන භාර නිලධාරී නිශාන්ත පීරිස් මහතා ඇතුළු නිලධාරින්ද එහි පැමිණ පරීක්ෂණ කටයුතු සිදු කළේය.

Read more

Local News