ලෝක මැලේරියා දිනය අදයි – මැලේරියාවෙන් තොර රටක් පවත්වාගෙන යාමට සියලුම ශ්‍රි ලාංකිකයන්ට ආරාධනා

Share

මැලේරියාවෙන් තොර රටක් පවත්වාගෙන යාමේ ජාතික මෙහෙවරට සහයෝගය දැක්විම සඳහා සියලුම ශ්‍රි ලාංකිකයන්ට ආරාධනාකර සිටින බව අදට (25) යෙදී තිබෙන ලෝක මැලෙරියා දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

නිවේදනය මෙසේ ය.

ලෝක මැලේරියා දිනය 2018

ශ්‍රි ලංකාව වර්තමානයේ මැලේරියාවෙන් තොර හයවෙනි වසරට පා තබා ඇත. මෙම වැදගත් අවස්ථාව සහ මේ මස 25 වැනි දිනට යෙදී ඇත. මෙම වැදගත් අවස්ථාව සහ මේ මස 25 වැනි දිනට යෙදී ඇති ලෝක මැලේරියා දිනය සැමරිම සඳහා, සෞඛ්‍ය අමාත්‍යංශයේ මැලේරියා මර්දන ව්‍යාපාරය විසින් මැලේරියාවෙන් තොර රටක් පවත්වාගෙන යාමේ ජාතික මෙහෙවරට සහයෝගය දැක්විම සඳහා සියලුම ශ්‍රි ලාංකිකයන්ට ආරාධනාකර සිටී.

මැලේරියාව යනු මාරාන්තික රෝගයක් පමණක්ම නොව, දිගුකාලීනසමාජීය හා ආර්ථිකමය ප්‍රතිවිපාක ගෙනදෙන විනාශකාරී රෝගයකි. මෙම රෝගය රටතුල බහුලව ව්‍යාප්ත පැවති කාලය තුල, රටේ ජනහනයෙන් සැළකිය යුතු කොටසක් මෙයින් බරපතල ලෙස රෝගතුරු විය. මෙයින් ඇති වු කායික රෝගී තත්වයට අමතරව, ඉන් අනතුරුව ඇතිවෙන බෙලහීනතාවේ දරුණු බව හේතුවෙන් පෙරලා ඔවුන්ගේ ජීවනෝපායන් සහ පවුල්වල සමාජීය සහ ආර්ථික පැතිකඩ වලටද බලපෑම් එල්ල විය.

කලක් මෙම රෝගය ශ්‍රී ලංකාවේ රෝහල්ගතවීමේ ප්‍රධාන හේතුව බවට පත්ව පැවති අතර මහජන සෞඛ්‍ය සේවය  සඳහා වෙන්කර තිබු සෞඛ්‍ය අයවැයෙන් අඩකට වඩා වැඩි ප්‍රමාණයක් මෙම රෝගය සඳහා වෙන්කර තිබුනි. සෞඛ්‍ය සේවයේ සහ එයට අනුබද්ධිත බොහෝ පාර්ශවකරුවන්ගේ සහය ඇතිව සිදුකරන ලද අඛණ්ඩ උත්සහයන්ගේ ප්‍රතිළුලයක් ලෙස ශ්‍රී ලංකාවට මැලේරියාව තුරන් කිරීමට හැකිවිය. 2016 වසරේදී ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් ශ්‍රී ලංකාව මැලේරියාවෙන් තොර රටක් ලෙස සහතික කරන ලදී. මැලේරියාව බහුල රටවලට සංචාරය කරන සහ එවැනි රටවලින් ශ්‍රී ලංකාවට පැමිණෙන සංඛ්‍යාව ඉහළයාම හේතුවෙන් සහ ශ්‍රී ලංකාව පුරා මැලේරියාව පැතිරීමේ හැකියාව ඇති වාහක මදුරුවා පැවතීම හේතුවෙන් ශ්‍රී ලංකාව නිරතුරුවම නැවත මැලේරියාව ඇතිවීමේ අවදානමක පවතී.

මෙවැනි සංචාරකයින් හේතුවෙන්, සෑම වසරකම මැලේරියා රෝගීන් 50ක් වැනි ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ වවිධ පළාත් වලින් වාර්තා වේ. මෙම ආනයනික මැලේරියා (Imported Malaria) රෝගීන් මුල්කාලයේදීම හඳුනාගෙන ඉක්මනින් ප්‍රතිකාර නොකලහොත් යළිත් මැලේරියා වසංගතයක් රටේ ඇතිවීමේ විශාල අවදානමක් ඇත. ආනයනික මැලේරියා හඳුනාගැනීම හා ඉක්මනින් ප්‍රතිකාර කිරීම සඳහා දැනුවත් කිරීම මඟින් ලැබෙන මහජන සහයෝගය මුලික වේ. මෙම පසුබිම යටතේ, මෙයට අමුණා ඇති තොරතුරු පත්‍රිකාවේ, මෙම ප්‍රශ්නයේ බැරූරැම්කම, මෙම රෝගය බහුල රටවල්, මැලේරියාව නැවත ශ්‍රී ලංකාවට අතුලුවීමේ අවදානම සහ ශ්‍රී ලංකාව මැලේරියාවෙන් තොර රටක්ව පවත්වා ගැනිම සඳහා මහජනතාව ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ උචිත විස්තර අඩංගු වේ.

වෛද්‍ය අනිල් ජාසිංහ
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්,
සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍යංශය

Read more

Local News