දිවංගත රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ 25 වැනි ගුණසැමරුම මැයි මස පළමු වැනිදා

Share

දිවංගත රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ 25 වැනි ගුණසැමරුම් උත්සවය කොළඹ, අලුත්කඩේ උසාවිය අසළ පිහිටි ප්‍රේමදාස පිළිරුව අබියස දී එළඹෙන මැයි මස පළමු වැනිදා පෙරවරු 8.30 ට පැවැත්වේ.

ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි.

මේ මස 30 දා රාත්‍රී 7.00 ට කැලණිය රාජමහා විහාරාධිපති කැළණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරත්ඛිත හිමියන් පවත්වන ධර්ම දේශනයක් ශ්‍රී සුචරිත ශාලාවේ දී පැවැත්වෙන අතර මැයි මස පළමු වැනි දා උදෑසන කොළඹ නව කෝරලයේ ප්‍රධාන සංඝනායක හුණුපිටියේ ගංගාරාමාධිපති ගලබොඩ ඥාණිස්සර හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය විෂයෙහි පිරිනමන සපිරිකර සංඝගත දක්ෂිනාවක් කොළඹ හුනුපිටිය ගංගාරාම විහාරසථානයේ දී පැවැත්වීමට නියමිතයි.

Read more

Local News