2017 ජාතික මුද්දර ප්‍රදර්ශනය සඳහා නිර්මාණ භාරගැනේ

Share

තැපැල් දෙපාර්තමේන්තුවේ 50වැනි සංවත්සරයට සමාඟාමීව සංවිධානය කරනු ලබන 2017 ජාතික මුද්දර ප්‍රදර්ශනය සඳහා නිර්මාණ භාරගැනීමේ කටයුතු මේ වන විට සිදුකරන බව තැපැල් මූලස්ථානය සඳහන් කරයි.

ඒ අනුව 6වැනි ශ්‍රේණියෙන් ඉහළ පාසල් දූ දරුවන්ට සහ වැඩිහිටියන්ට මෙම ප්‍රදර්ශනය සඳහා මුද්දර නිර්මාණ ඉදිරිපත් කළ හැකි අතර පාසල් දූ දරුවන්ට තම වයස් මට්ටම් අනුව කාණ්ඩ තුනක් යටතේ මෙම තරගය සඳහා නිර්මාණ ඉදිරිපත් කළ හැකිය.

නිර්මාණ භාරගනීමේ කටයුතු ඔක්තෝම්බර් 14දායින් අවසන් වන අතර ජාතික මුද්දර ප්‍රදර්ශනය ඔක්තෝම්බර් 25දා සිට 29දා දක්වා කොළඹ තැපැල් මූලස්ථානයේ දී පැවැත්වේ

 

Read more

Local News