ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර උක් අභිජනන ද්‍රව්‍ය හුවමාරු කිරීමට ගිවිසුමක්

Share

ශ්‍රී ලංකාවේ උක් පර්යේෂණ ආයතනය සහ පාකිස්ථානයේ ෆයිසලාබාද් හි උක් පර්යේෂණ සංවර්ධන මණ්ඩලය හා එහි උක් පර්යේෂණ ආයතනය අතර උක් අභිජනන ද්‍රව්‍ය හුවමාරු කරගැනීම සම්බන්ධයෙන් නව අවබෝධතා ගිවිසුමක් ඇති කරගැනීමට යෝජනා වී තිබේ.

මේ යටතේ නව උක් ප්‍රභේද ශ්‍රී ලංකාවට ලබාගැනීමටත්, පාකිස්ථානයේ කෘෂි විද්‍යාඥයින් සමඟ ඒකාබද්ධ පර්යේෂණවල නියැළීමටත් අවස්ථාව සැලසේ.

ඒ අනුව, යෝජිත අවබෝධතා ගිවිසුමට අදාළ ආයතන අතර අත්සන් තැබීම පිණිස වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා ඉදිරිපත් කරන ලද අමත්‍ය මණ්ඩල යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබිණි.

Read more

Local News