කැනඩාවේ ටොරෙන්ටෝ අනතුරෙන් මියගිය පුද්ගලයින් අතර ශ්‍රී ලාංකික කාන්තාවක්

Share

කැනඩාවේ පදික වේදිකාවක් මතට වෑන් රථයක් ගමන් කරවීමෙන් පුද්ගලයන් 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූ අතර ඒ පිරිස අතර ශ්‍රී ලාංකික කාන්තාවක්ද වෙන බව වාර්තා වෙයි.

හොරණ පදිංචිව සිටි 48 හැවැරිදි කාන්තාවක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඇය ටොරෙන්ටෝ නුවර බෞද්ධ විහාරය හා නිතරම සම්බන්ධතා පවත්වා ඇති අතර ඇයගේ හත් හැවැරිදි පුතාද එම විහාරය හා සමීප සබඳතා පවත්වා ඇති අතර ඔහුගේ ඉදිරි කටයුතු වෙනුවෙන් අවශ්‍ය අරමුදල් එක්රැස් කිරීමට මේ වන වැඩකටයුතු ආරම්භ කර තිබේ.

වෑන් රථය පදවන ලද 25 හැවිරිදි ඇලෙක් මිනසියන් නම් සැකකරු මේ වනවිට පොලිස් අත්අඩංගුවේ සිටීයි.

Read more

Local News