අවුරුදු 6ක පිරිමි දරුවෙකුට අතවර කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

Share

වයස අවුරුදු 6 ක් වන කුඩා පිරිමි දරුවෙකුට බරපතල ලිංගික අපරාධයක් සිදු කළ බව කියන 40 හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව පල්ලම පොලිසිය පවසයි.

පල්ලම – නාගවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන සැකකරු අවිවාහක අයෙකු බවයි විමර්ශන වලදී හෙළි වී ඇත්තේ.

අතවරයට පත්ව ඇති දරුවා වෛද්‍ය ප්‍රතිකාර සඳහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇත.

සැකකරු ආණමඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Read more

Local News