වෙසක් උත්සවය නිමිත්තෙන් කොළඹ නගරයේ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් 3000ක්

27

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා අද (25) පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ, වෙසක් උත්සවය නිමිත්තෙන් කොළඹ නගරයේ ආරක්ෂාවට වෙනුවෙන් සහ රථවාහන හැසිරවීම වෙනුවෙන් පොලිස් නිලධාරීන් 3000 ක පිරිසක් යොදවා ඇති බවයි.

මින් 1900 ක පිරිසක් ආරක්ෂාව වෙනුවෙන් ද සෙසු 1100 ක පිරිස රථාවාහන රාජකාරි වෙනුවෙන් ද යොදවා ඇති බව සඳහන් කළේය.

මෙවර වෙසක් තොරණ 11 ක් සමග වෙසක් කලාප 5 ක් ඇති බවත් මේවාහි ආරක්ෂාව සහ රථවාහන හැසිරවීම සදහා මොවුන් යොදවා ඇති බවද රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.

වෙසන් දින කිහිපයේ මාර්ග අවහිරතා විශාල වශයෙන් සිදුවන බවත් වෙසක් කලාය ඇති මාර්ග වල වාහන නතර කිරීමෙන් වලකින ලෙසට පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.