ශ්‍රී පාදස්ථානය පිරිසිදු කිරීමේ වැඩසටහනට ආරක්‍ෂක සේනා මධ්‍යම භට පිරිස් සහය

Share

මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 11 වන සේනාංකයට අයත් 112 බලසේනාවේ ස්ථාපිත 19 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භට පිරිස් මධ්‍යම පළාත් පරිසර හා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ‘පරිසරය පූජනීයයි’ වැඩසටහනට සහයෝගය දක්වමින් (23) දින ‘ශ්‍රී පාදස්ථාන’ පරිශ්‍රයේ පිරිසිදු කිරිමේ කටයුතු සිදු කරනු ලැබීය.

19 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ නිලධාරීන් 3 ක් ඇතුලු යුද්ධ හමුදා සාමාජිකයින් 50 දෙනෙකු, මධ්‍යම පළාත් රාජ්‍ය බලධාරීන්, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු නිලධාරීන් සහ බැතිමතුන් සමඟ එක්ව මෙම වැඩසටහන සාර්ථකව සිදු කරන ලදි.

Read more

Local News