එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද රැස්වෙයි

Share

එක්සත් ජාතික පක්ෂයේ නව තනතුරු සඳහා එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ එකඟතාව ලැබී ඇති බව වාර්තා වෙයි.

නව තනතුරු සඳහා නම් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ (25දා) යෝජනා කළේය.

එම තනතුරු එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීම සඳහා කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට අද (26) ඉදිරිපත් කරනු ලැබිය.

එක්සත් ජාතික පක්ෂයේ නායක, නියෝජ්‍ය නායක හා උපනායක තනතුරුවල වෙනසක් ඇති නොවුණු අතර එහි මහ ලේකම්, නියෝජ්‍ය ලේකම්, ජාතික සංවිධායක, භාණ්ඩාගාරික, සභාපති යන තනතුරු වෙනස් විය.

Read more

Local News