ඉන්දියාවේ තැන්පත් කොට ඇති බුදුරජාණන් වහන්සේගේ අස්ථි ධාතූන් වහන්සේ වෙසක් උත්සවය නිමිත්තෙන් මෙරටට

Share

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කළේ, ඉන්දියාවේ සාරානාත් හි පිහිටි මූලගන්ධ කුටි විහාරයේ තැන්පත් කොට ඇති බුදුරජාණන් වහන්සේගේ අස්ථි ධාතූන් වහන්සේ සහ මදුරාසියේ නාගාර්ජුනකොණ්ඩහි පිහිටි ස්ථූපයකින් ලබාගන්නා ලද ධාතූන් වහන්සේ මෙවර වෙසක් උත්සවය නිමිත්තෙන් ශ්‍රී ලංකාවට වැඩම වන බවයි.

මේ උතුම් වූ ධාතූන් වහන්සේලා ශ්‍රී ලංකාවට වැඩම කරන ප්‍රථම අවස්ථාව මෙය වන අතර, ධාතූන් වහන්සේලා වැඩම කරවීම වෙනුවෙන් ඉන්දීය රජය විශේෂ වැඩපිළිවෙළක් යොදා ඇති බවද සඳහන් කරයි.

ඒ අනුව, කොළඹ ගංගාරාම විහරස්ථානයේ බුද්ධ රශ්මි වෙසක් කලාපයට සමගාමීව අරලිය ගහ මැදුරේදී බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ ධාතූන් වහන්සේලා වන්දනා කිරීමට අප්‍රේල් 28දා සිට මැයි 02දා දක්වා සැදැහැවතුන්ට අවස්ථාව හිමිවන බවද වැඩිදුරටත් පෙන්වා දෙයි.

Read more

Local News