බෙලිඅත්ත නගරයේ පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවියට තබා තිබූ වෙළඳසල් 17ක් සඳහා නඩු

Share

බෙලිඅත්ත නගරයේ හා අවට ප්‍රදේශයේ සිදුකළ වෙළඳසල් පරික්ෂාවක දී පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවියට තබා තිබූ වෙළඳසල් 17 සඳහා නඩු පැවරිණී.

ඊයේ (25) පස්වරු 6.00 සිට රාත්‍රී 10.00 දක්වා සිදු කළ පරික්ෂාවේ දී බෙලිඅත්ත නගරයේ හා අවට ප්‍රදේශයේ ආහාර අලෙවි කරන වෙළඳසල් හා ආපනශාලා 45 ක් පරික්ෂාවට ලක් කෙරිණි.

ඉදිරි දිනයක් නිෂ්පාදිත දිනය ලෙස යොදා ව්‍යාජ ලෙස ලේබල් කළ මුදවපු කිරි අලෙවියට තැබූ වෙළඳසල් පහක් සඳහාත් කුකුළු අසූචි තැවරුණු බිත්තර, මුද්‍රිත පත්තරවල දවටන ලද ආහාර, කල් ඉකුත් වූ ආහාර, පිහින ලද ආහාර මාංශ සමඟ අධි ශීතකරණ තුළ ගබඩා කිරීම, මාංශ සමඟ ගබඩා කරන ලද අයිස් පැකට් හා අපිරිසිදු ලෙස ආවරණය කර තිබූ ඉදිආප්ප අලෙවියට තැබූ වෙළදසල් සඳහාද නඩු පැවරිණී.

Read more

Local News