රාජකාරී ගිනි අවි අස්ථානගතවූ පොලීස් කොස්තාපල්වරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම්

Share

රාජකාරි කටයුතු සඳහා ලබාදෙන ලද ගිනිඅවිය අස්ථානගත කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ වැලිගම පොලීසියේ කොස්තාපල්වරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කිරීමට මාතර කොට්ඨාස භාර පොලිස් අධිකාරී එච්. මාරපන මහතා කටයුතු කර ඇතැයි වාර්තා වේ.

පොලිස් හදිසි ඇමතුම් අංශයට (119) ලැබුණු තොරතුරක් මත පැමිණිල්ලක් විමර්ශනය කිරීම සඳහා වැලිගම, කොලේදණ්ඩ ප්‍රදේශයට යන අවස්ථාවේදී අදාළ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා මෙම රාජකාරී ගිනිඅවිය රැගෙන ගොස් ඇත.

කෙසේ වුවද, යළි පැමිණෙන අවස්ථාවේදී එම නිලධාරීන් දෙදෙනා සතුව තිබූ ගිනිඅවිය අස්ථානගත වී තිබේ.

Read more

Local News