විද්‍යුත් වාහන ආරෝපණ මධ්‍යස්ථාන සහ ඒවායේ පාරිභෝගික ආරක්ෂාව සම්බන්ධයෙන් පියවර – මහජන උපයෝගිතා කොමිෂන් සභාව

Share

මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ ඉදිරි වැඩපිළිවෙල පිළිබඳ එහි අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ මහතා ඊයේ (25) එම කොමිෂන් සභාවේ පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේ,

විද්‍යුත් වාහන ආරෝපණ මධ්‍යස්ථාන සහ ඒවායේ පාරිභෝගික ආරක්ෂාව සම්බන්ධයෙන් පියවර ගැනීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කර තිබෙන බවත්, 2018 වසරේදී කොමිෂන් සභාව විසින් වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරන බව ද පැවසීය.

විශේෂයෙන්නම වහළවල් වල සවිකරන සූර්ය පැනල් ආශ්‍රයෙන් සූර්ය බල සංග්‍රාමය වැනි වැඩසටහන් තවදුරටත් ශක්තිමත්ව ක්‍රියාත්මක කරන ආකාරය ගැන අවධානය යොමු කර ඇති බව දමිත කුමාරසිංහ මහතා පැවසීය.

ඒ අනුව මේ ක්ෂේත්‍රයට අදාළ ගැටළු හදුනාගෙන අදාල නියාමන නීති හා රෙගුලාසි ක්‍රියාත්මක කිරීමට කොමිෂන් සභාව සැළසුම් කර ඇත. මෙහිදී විද්‍යුත් වාහන ආරෝපණ මධ්‍යස්ථාන මුහුණ පාන ගැටළු, එහි සේවාවන් වලට අදලා ගැටළු, විද්‍යුත් වාහන ආරෝපණ මධ්‍යස්ථානවල සේවාව ලබාගන්නා පාරිභෝගිකයින්ගේ අයිතිවාසිකම්, මෙම මධ්‍යස්ථානවල අයකෙරෙන ගාස්තු ආදිය පිළිබද අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමට ඉඩකඩ සළසා ඇත.

සියළුම විදුලි කාර්මිකයින් සදහා ජාතික වෘත්තීමය සුදුසුකම් හා පිළිගත් බලපත්‍රයක් පිරිනැමීමේ වැඩසටහනක් සකස් කර ඇති බවද පැවසිය. ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව හා තවත් ආයතන ගණනාවක් එක්ව සකස් කර ඇති මේ වැඩසටහන මගින් වෘත්තීමය සංවර්ධනයට අවශ්‍ය ආයතනික රාමුවක් සකසා සියළුම විදුලි කාර්මිකයින් පිළිගත් වෘත්තිකයින් බවට පත් කිරීමට අපේක්ෂා කරයි. ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය, තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව, ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන ආයතනය, ලංකා විදුලි බල මණ්ඩලය හා ලංකා විදුලි පුද්ගලික සමාගම මේ වැඩපිළිවෙල සකස් කිරීමට හා ක්‍රියාත්මක කිරීමට දායක වේ. විදුලි සැර වැදීම් අනතුරුවලින් සියයට 55ක් සිදුවන්නේ නිවාස වල අභ්‍යන්තර විදුලි රැහැන් පද්ධතිවල දෝෂයන් හේතු වෙන් බව අනාවරණය වී තිබේ.

නිවාස වල අභ්‍යන්තර විදුලි රැහැන් පද්ධති වල ප්‍රමිතිය සම්මත තත්වයක නොපැවතීම මීට හේතුවකි. අභ්‍යන්තර රැහැන් පද්ධතිවල ප්‍රමිතිය ආරක්ෂා කිරීම සඳහා ප්‍රමිතියෙන් යුත් විදුලි කාර්මිකයින් පිරිසක් රටට අවශ්‍ය වේ. එසේම දැනටමත් හදුන්වා දී ඇති විදුලි පේනු හා කෙවෙනි පිළිබද ජාතික ප්‍රමිතිය ක්‍රියාවට නැගීමට ඒ පිළිබද කාර්මිකයින් දැනුවත් විය යුතුය. ඒ හැරුනු විට විදුලි කාර්මික වෘත්තියෙහි නියැලි පිරිස් වලට ඒ ක්ෂේත්‍රෙයහි ඉදිරියට යාමට පැහැදිලි වෘත්තීය මාර්ගයක් අවශ්‍ය වේ. මේ කරුණු සැළකිල්ලට ගෙන විදුලි කාර්මිකයින් සඳහා වෘත්තීය පිළිගැනීමක් ලබාදීමේ බලපත්‍ර ක්‍රමය හඳුන්වාදීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.

Read more

Local News