කොටහේන අලුත් මාවත 25 තෙක් වසා තබයි

Share

පොලිස් දෙපාර්තමේන්තුව සඳහන් කළේ කොටහේන අලුත් මාවතේ ජලනල එළීමේ ව්‍යාපෘතියක් හේතුවෙන් ඊයේ (22) රාත්‍රී 9.00 සිට 25දා උදෑසන 5.00දක්වා එම මාවත සම්පූර්ණයෙන් ම වසා තැබෙනු ඇති බවයි.

එබැවින් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය මහජනතාවගේ ඉල්ලා සිටී.

පිටකොටුව, කොච්චිකඩේ සිට පැමිණෙන රථවාහන හෙට්ටියාවත්ත හන්දියෙන් දකුණට හරවා ජෝර්ජ් ආර්. ද සිල්වා මාවතගේ ගමන් කොට බ්ලූමැන්ඩල් හන්දියෙන් වමට හරවා බ්ලූමැන්ඩල් මාර්ගයේ ගමන් කර බෝධිය හන්දියෙන් මාදම්පිටිය මාර්ගයට හෝ සෙන් ජේම්ස් මාවතට යොමු වී අලුත් මාවතට පිවිසිය හැකිය.

මට්ටක්කුලිය දෙස සිට පැමිණෙන රථ වාහන මාදම්පිටිය මාර්ගයෙන් හෝ සෙන් ජේම්ස් මාවතෙන් බෝධිය හන්දියට ගමන් කර බ්ලූමැන්ඩල් මාර්ගයේ ජෝර්ජ් ආර් ද සිල්වා මාවත හන්දියට පැමිණ ජෝර්ජ් ආර් ද සිල්වා මාවතෙන් හෙට්ටියාවත්ත හන්දියට ගමන් කළ හැකිය.

Read more

Local News