ඇල්පිටිය ඉගල්කන්ද “රම්‍යගම” අද ජනතා අයිතියට

Share

ගාල්ල දිස්ත්‍රික්කයේ බෙන්තර – ඇල්පිටිය මැතිවරණ කොට්ඨාශයේ හිසට සෙවණක් නොමැතිව සිටි පවුල් 25 ක් වෙනුවෙන් ඉදිවූ ඇල්පිටිය ඉගල්කන්ද “රම්‍යගම” අද (27) දින ජනතා අයිතියට පැවරේ.

ඒ ඉඩම් හා පාර්ලි‌‌මේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතාගේ ආරාධනයෙන් නිවාස හා ඉදිකිරීම් ඇමති සජිත් ප්‍රේමදාස මහතාගේ සුරතිනි.

ඉඩම් ඇමති ගයන්ත කරුණාතිලක මහතාගේ ඉල්ලීම මත ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය ඉදි වූ රම්‍යගම – ජාතික නිවාස වැඩසටහනේ 59 ආදර්ශ ගම්මානය වෙයි.

ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ හෙක්ටයාර් 15190 ක් තරම් වූ භුමිභාගයක ජිවත් වන පවුල් 18414 ක් අතරින් හිසට සෙවණක් නොමැතිව ජිවත් වූ පවුල් 25 ක් සඳහා රම්‍යගම ඉදිවිය.

Read more

Local News