වෙසක් සමය තුළ පවත්වන දන්සැල් පරීක්ෂා කිරීම සඳහා කණ්ඩායම් තුනක් – ආචාර්ය රුවන් විජයමුණි මහතා

Share

වෙසක් සමයේ ක්‍රියාත්මක වන දන්සැල් සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග පැහැදිළි කරමින් කොළඹ මහනගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී, ආචාර්ය රුවන් විජයමුණි මහතා පැවසුවේ වෙසක් සමය තුළ පවත්වන දන්සැල් පරීක්ෂා කිරීම සඳහා කණ්ඩායම් තුනක් නිරන්තරයෙන් කොළඹ ප්‍රදේශය ආවරණය වන ලෙස ක්‍රියාත්මක කරන බවයි.

කොළඹ පැවැත්වෙන දන්සැල් ලියාපදිංචි කිරීම සිදු කෙරෙන බවත් මේ වනවිට දන්සැල් සියයට 35%ක් පමණ ලියාපදිංචි වී තිබෙන බවත් කොළඹ දන්සැල් සියයක් පමණ පැවැත්වෙන බවත් ඒ මහතා පැවසීය.

වෙසක් සමය තුළ කිසිම සීමා කිරීමකින් තොරව දන්සැල් පැවැත්වීමට අනුමැතිය ලබාදෙන බව පැවසු රුවන් විජයමුණි මහතා, කණ්ඩායම් තුනක් නිරන්තරයෙන් උතුරු කොළඹ, මැද කොළඹ, බොරැල්ල, නැඟෙනහිර හා බටහිර කොළඹ ආදී ප්‍රදේශ ආවර්ණය වන ලෙස කොළඹ ප්‍රදේශයේ දන්සැල් පරික්ෂා කිරීමේ කටයුතු සිදු කරන බව පැවසීය.

Read more

Local News