රංගල, ගැටගහවෙල ප්‍රදේශයේ ප්‍රමිතියෙන් තොර තේ කම්හලක් වටලයි – කළමනාකරු අත්අඩංගුවට

Share

රංගල, ගැටගහවෙල ප්‍රදේශයේ පිහිටි ප්‍රමිතියෙන් තොර තේ නිෂ්පාදනය කළ පුද්ගලික තේ කර්මාන්තශාලාවක් වටලා සැකකාර පුද්ගලයෙකුව රංගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවට සඳහන් වෙයි.
අදාළ කර්මාන්තශාලාව ප්‍රමිතියෙන් තොර තේ නිපදවන බවට ලද තොරතුරක් මත මහනුවර විශේෂ කාර්ය බලකා කදවුරේ නිලධාරීන් හා ගම්පොළ ලංකා තේ මණ්ඩලයේ නිලධාරීන් විසින් වැටලීම සිදු කර තිබේ.
එහිදී තේ දළු ඇඹරීමේ දී එයට මුසු කරන ද්‍රව්‍යයක් බවට සැක කරන ලද ලික්විඩ් ග්ලූකෝස් කිලෝ 300 බැගින් අඩංගු ප්ලාස්ටික් බැරල් 38ක් හා ලික්විඩ් ග්ලුකෝස් යොදා අඹරන ලද බවට සැක කරන තේ දළු පාර්සලයක් සමග කර්මාන්තශාලාවේ කළමනාකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය.
එම සැකකරු අද (27) තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Read more

Local News