දිවයිනේ බොහෝ පළාත්වලට සවස 2.00 න් පසු වැසි

26

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (27) නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව තවදුරටත් ඉහළ මට්ටමක පවතින බවයි.

දිවයිනේ බොහෝ පළාත්වල සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල සමහර ස්ථානවලට මි.මී.75 ට වැඩි තරමක තද වැසි බලාපොරොත්තු විය හැක.

බස්නාහිර, දකුණු සහ ගිනිකොණදිග වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැක.

සබරගමුව සහ මධ්‍යම පළාත්වල සමහර ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැක.