යශෝධරා චිත්‍රපටයේ මංගල දර්ශනය නැරඹීමට ජනපති එක්වෙයි

Share

මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් අධ්‍යක්ෂණය කළ යශෝධරා හෙවත් බිම්බාදේවි බෞද්ධ චිත්‍රපටයේ මංගල දර්ශනය ඊයේ (26) පස්වරුවේ වැල්ලවත්ත සැවෝයි සිනමා ශාලාවේ දී තිරගත වූ අතර එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එක්විය.
ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු, අමාත්‍ය ගයන්ත කරුණාතිලක, නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක යන මහත්වරුන් ද කලාකරුවන්, විද්වතුන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

Read more

Local News