මානසික යෝග්‍යතාවය ද රියැදුරු බලපත් දීමේදී බලයි

Share

මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා පැවසුවේ දැනට රියැදුරු බලපත් ලබාගැනීමේදී ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් ලබා ගත් ශාරීරික යෝග්‍යතා වෛද්‍ය සහතිකයක් පමණක් ඉදිරිපත් කෙරුණ ද රිය අනතුරු සිදු වීම දිනෙන් දින ඉහළ යෑම නිසා මානසික වෛද්‍ය වාර්තාවක් ලබා ගැනීමේ තීරණයකට එළැඹීමට සිදුවු බවයි.

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමති නිමල් සිරිපාලද සිල්වා මහතා විසින් මෝටර් වාහන (සංශෝධන) පනත් කෙටුම්පත පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර එම කෙටුම්පතටද රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමට අයැදුම්කරුවකු මානසික රෝග වෛද්‍යවරයකුගෙන් වාර්තාවක් ඉදිරිපත් කළ යුතුය යන වගන්තියක් ඇතුළත් කර ඇති බවද වාර්තා වේ.

 

Read more

Local News