දඹුල්ල පූජාභූමිය අවට මත්පැන් අලෙවි සැල් වැසේ

Share

වෙසක් උත්සවය සමය නිමිතිකොට ගෙන අප්‍රේල් 26 දින සිට මැයි 02 දින දක්වා දඹුල්ල රජමහ විහාරයේ සිට සැතපුමක අරය ඇතුළත සියලු මත්පැන් අලෙවි සැල් වසා තැබීමට ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව විසින් දන්වා තිබේ.

දඹුල්ල වෙසක් පොසොන් උත්සව කමිටුව විසින් කරන ලද යෝජනා සම්මතයක් පරිදි දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කරන ලද ඉල්ලීමකට අනුව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් මේ සඳහා අනුමැතිය ලබා දී ඇත.

Read more

Local News