පූජ්‍ය අඹගස්වැවේ රාහුලාභිධාන මහා නායක හිමිපාණන් වහන්සේ වෙත අක්තපත්‍ර පිළිගැන්වීමේ පුණ්‍යෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

Share

සද්ධර්ම කීර්ති ශ්‍රී චන්ද්‍ර ජෝති අභිධානයෙන් හා මාතලේ මහ දිසාවේ උප ප්‍රධාන සංඝානයක ධූරයෙන් පිදුම් ලැබූ පූජ්‍ය අඹගස්වැවේ රාහුලාභිධාන මහා නායක හිමිපාණන් වහන්සේ වෙත එම ධූරය පිළිබද අක්තපත්‍ර ප්‍රදානය කිරීමේ පුණ්‍යෝත්සවය පැවැත්විණි.
ඒ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් (27) දින පස්වරුවේ දඹුල්ල ශ්‍රී වළගම්බා මහා පිරිවෙන් විහාරස්ථානයේ දීය.
අභිනව උප ප්‍රධාන සංඝනායක හිමිපාණන් වහන්සේ වෙත විජිණිපත පිළිගැන්වීම මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදුවිය.
වළගම්බා පිරිවෙන් විහාරස්ථානය අසළ පිහිටි වැවේ ප්‍රතිසංස්කරණ කටයුතු නිම කිරීමට අදාළ සමරු ඵලකය ද ජනාධිපතිතුමා අතින් නිරාවරණය කෙරිණි.

Read more

Local News