රත්‍රං තොගයක් සමග සිව්දෙනෙකු රේගු අත්අඩංගුවට

Share

රුපියල් ලක්ෂ 89 කට අධික වටිනාකමකින් යුත් රත්‍රං හා රත්‍රං ආලේපිත ආභරණ තොගයක් සමග සැකකරුවන් සිව් දෙනෙකු කටුනායක ගුවන් තොටුපොළ රේගුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම සැකකරුවන් කොළඹ, මාලිගාවත්ත, වත්තල හා යාපනය ප්‍රදේශවල පදිංචිකරුවන් වෙයි.

ඔවුන් අතර කාන්තාවන් තුන් දෙනෙකු ද වන අතර මුම්බායි බලා යාමට තැත්කිරීමේදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

Read more

Local News