ශ්‍රී ලංකා පොලීසිය ප්‍රතිසංවිධානය කිරීම ගැන 11දා විශේෂ සාකච්ඡාවක්

Share

ශ්‍රී ලංකා පොලිසිය වර්තමානයට ගැළපෙන පරිදි ප්‍රතිසංවිධානය කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් මේ මස 11 වැනිදා කොළඹදී පැවැත්වීමට සැලසුම් කර තිබෙන බවට වාර්තා වේ.

රාජ්‍ය පරිපාලන,නීතිය හා සාමය අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතයි.

පොලීසිය වර්තමානයට ගැළපෙන පරිදි සකස් කිරීම පිළිබඳ අයර්ලන්තයේ හිටපු පොලිස්පතිවරයෙකුගේ හා එරටේ විශේෂඥයන්ගේ  උපදෙස් ලැබී තිබෙන බවද අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.

පොලීසිය, ප්‍රතිසංවිධානයට කටයුතු කිරීමේදී පරිපාලනය හා  ක්‍රියාකාරීත්වය වෙනස් කිරීම පිළිබඳ විශේෂ අවධානයක් යොමු කර අවශ්‍ය කටයුතු කිරීමටද නියමිතයි.

මීට අමතරව පොලිස් නිල ඇඳුම්,වැටුප් ගැටලු ,පොලිස් උසස්වීම් , බඳවාගැනීම් ක්‍රමවේද පවා වර්තමානයට ගැළපෙන පරිදි ප්‍රතිසංවිධානය කිරීමට සැලසුම් කර අැති බව වාර්තා වේ.

Read more

Local News