ජාතික සඟ සමුළුව හෙට තුම්මුල්ල සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී..

Share

බෙඳුම්වාදී 20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන  ලෙස ආණ්ඩුවට බලකරමින් ජාතික සංවිධාන සම්මේලනය විසින් පවත්වනු ලබන ජාතික මහා සඟ සමුළුව හෙට (3) දින පෙරවරු 9.00ට තුම්මුල්ල සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී පැවැත්වීමට නියමිතයි.

මෙම සමුළුව වෙඬරුවේ උපාලි අස්ගිරි මහාවිහාර පාර්ශවයේ අනුනායක  හිමියෝ සහ නියංගොඩ විජිතසිරි මල්වතු පාර්ශවයේ අනුනායක හිමියෝ ප‍්‍රමුඛ මහා සංඝරත්නයේ ප‍්‍රධානත්වයෙන් මෙම සඟ සමුළුව පැවැත්වේ.
ජාතික මහා සඟ සමුළුව පිළිබඳව අස්ගිරි – මල්වතු දෙපාර්ශවයේම මහානායක හිමිවරුන් දැනුවත් කර තිබෙන බව ජාතික සංවිධාන සම්මේලනයේ කැඳවුම්කරු රියාද් අද්මිරාල් සරත් වීරසේකර මහතා ප්‍රකාශ කරයි.

Read more

Local News