තඩ්ඩුවාන් රක්ෂිතයේ ලැව් ගින්නක්

Share

මුලතිව් තඩ්ඩුවාන් රක්ෂිත කැලෑවක අද උදෑසන ලැව් ගින්නක් හට ගත්තේය.

ලැව් ගින්න පිළිබඳව ප්‍රදේශවාසියෙක්  යුද හමුදාවට කළ දැනුම් දීමකින් පසුව මුලතිව් ආරක්ෂ සේනා මූලස්ථානයෙන් පාලනය වන 64 වැනි සේනාංකාධිපති බිග්‍රේඩියර් කේ.ජී.ජයවීර මහතාගේ උපදෙස් පරිදි 642 වැනි බලසේනාවේ 26 වැනි ගජබා රෙජිමේන්තුව හා 14 වැනි ශ්‍රීලංකා සිංහ රෙජිමේන්තුවට අයත් සෙබළුන් විසින් මහත් පරිශ්‍රමයක් දරා මෙම ගින්න නිවා දැමීමට පියවර ගන්නා ලදී .

ගින්න ව්‍යාප්ත වූවෙ නම් අසල පිහිටි ගම්මාන වෙතටද ගින්න පැතිරීමෙන් විනාශයක් වීමට ඉඩ තිබූ බැවින් සාමාන්‍ය වැසියන් මෙසේ අවධානයෙන් සිටි ලැව් ගිනි ඇති වන්නේනම් ඉතා ඉක්මණින් ළඟම පිහිටි යුද හමුදා කඳවුර වෙතට දැනුම් දෙන ලෙසටද යුද හමුදාව සාමාන්‍ය වැසියන් දැනුවත් කිරීමට පියවර ගෙන තිබේ.

Read more

Local News