ජ්‍යෙෂ්ඨ නාවිකයින් 40 දෙනෙකු සඳහා පොලී රහිත ණය මුදල් ප්‍රදානය කෙරේ

Share

ශ්‍රී ලංකා නාවික හමුදාවේ රාජකාරී නියුතු ජ්‍යෙෂ්ඨ නාවිකයින් 40 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ පහක‍් බැගින් වූ පොලි රහිත ණය මුදල් ලබා දීම ඊයේ (02) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරුණි.

නාවික හමුදාවේ දිර්ඝ කාලයක් සේවය කර ඇති ජ්‍යෙෂ්ඨ නාවිකයින්ගේ සේවය අගය කරනු වස් මෙම පොලී රහිත ණය මුදල ප්‍රදානය කිරීම ආරම්භ කරන ලද අතර, මේ වන විට ජ්‍යෙෂ්ඨ නාවිකයින් 1317 දෙනෙකු සඳහා මෙම ණය මුදල ලබා දීමට නාවික හමුදා සහන පදනම කටයුතු කොට ඇත.

ඒ වෙනුවෙන් රුපියල් මිලියන 659.2 ක මුදලක් වැය කර ඇති අතර, ඉදිරි කාල සීමාව තුළදී, තවත් ජ්‍යෙෂ්ඨ නාවිකයන් 3885 දෙනෙකු සඳහා මෙම සහන ණය මුදල ලබා දීමට කටයුතු කරමින් පවතී.

Read more

Local News