දිවයිනට දකුණු දෙසින් වන මුහුදු ප්‍රදේශයේ ක්‍රියාකාරී වලාකුළු පද්ධතියක් – ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් දැනුම් දීමක්

Share

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ, දිවයිනට දකුණු දෙසින් වන මුහුදු ප්‍රදේශයේ ක්‍රියාකාරී වලාකුළු පද්ධතියක් වර්ධනය වී ඇති බවයි.
මෙම ක්‍රියාකාරී වලාකුළු පද්ධති ඉදරි පැය කිහිපය තුළදී ද සක්‍රීයව පවතිනු ඇතැයි බලාපොරොත්තු වේ.
එබැවින් දිවයිනට නිරිත, දකුණ සදහ ගිනිකොණදිග වෙරළට ඔබ්බෙන්වන මුහුදු ප්‍රදේශවල මුහුද රළු විය හැකිය.
ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන්වන මුහුදු ප්‍රදේශවල තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සුළං වේගය පැයට කිලෝමීටර 70- 80 පමණ ඉහළ යාමක් ඇති හෙයින් එම මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රළු වීමට වැඩි හැකියාවක් පවතී.
ධීවර හා නාවික ප්‍රජාවට මේ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙසද ඉල්ලීමක් කෙරේ.

Read more

Local News