2018 ජාතික රණවිරු මාසය ප‍්‍රකාශයට පත් කරමින් පළමු සමරු කොඩිය ජනපතිට පළඳවයි

Share

2018 ජාතික රණවිරු මාසය ප‍්‍රකාශයට පත් කරමින් එහි පළමු සමරු කොඩිය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙත පැළඳවීම ඊයේ (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදුවිය.

දශක තුනකට අධික කාලයක් මෙරට පැවති ත‍්‍රස්තවාදය අවසන් කිරීමේ මානුෂීය මෙහෙයුමේදී සිය ජීවිතය මව්බිම වෙනුවෙන් පූජා කළ රණවිරුවන් සහ තම ශරීරාංග කැප කළ රණවිරුවන් සිහිපත් කිරීම මෙන්ම ඔවුන් වෙනුවෙන් කෘතගුණ සැලකීමේ අරමුණින් වාර්ෂිකව මෙම රණවිරු මාසය රජය විසින් ප‍්‍රකාශයට පත්කරන අතර, එයට සමගාමීව රණවිරු කොඩි අලෙවිය ද සිදු කෙරේ.

රණවිරු සේවා අධිකාරියේ සභාපතිනි අනෝමා ෆොන්සේකා මහත්මිය විසින් මෙහි පළමු සමරු කොඩිය ජනාධිපතිතුමා වෙත පළඳවනු ලැබුවාය.

පසුගිය වසරේ කොඩි අලෙවියෙන් ලද ආදායම පළාත් ආණ්ඩුකාරවරුන් විසින් ජනාධිපතිතුමා වෙත පිරිනමන ලදී.

මෙම වසරේ රණවිරු කොඩි පළාත් ආණ්ඩුකාරවරුන් වෙත භාරදීම ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශයේ වසර 03 ක ප‍්‍රගතිය පිළිබඳ භාෂා 03කින් සැකසූ ග‍්‍රන්ථය ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා විසින් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.

Read more

Local News