බාල වයස්කාර පාසල් සිසුවියකට අතවර කළ තරුණයෙක් අත්අඩංගුවට

Share

බාල වයස්කාර පාසල් සිසුවියක් පැහැර ගෙන ගොස් ඇයට අතවර කළ බව කියන 23 හැවිරිදි තරුණයකුව හිදෝගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන මුන්දලම පොලීසියට බාර දෙනු ලැබීය.

අතවරයට ලක්ව ඇත්තේ මුන්දලම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 15 ක් වන පාසල් සිසුවියකි.

සිසුවියගේ පියා ඔවුන් හැර ගොස් ඇති අතර, මව රැකියාවක් සදහා විදේශ ගතව සිටින්නීය. දැරිය සිට ඇත්තේ තම මිත්තණියගේ බාරයේ ය.

සැකකරු පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Read more

Local News