‘ඇවෙන්ජර්ස්’ වාර්තා තබයි

Share

මේ දිනවල ලොවපුරා අති සාර්ථකව ප්‍රදර්ශනය වන ‘මාර්වල්’ චිත්‍රපට සමාගමේ බෙදාහැරීමක් වූ ‘ඇවෙන්ජර්ස් – ඉන්ෆිනිට් වෝර්’ චිත්‍රපටය මේ වනවිට ආදායම් වාර්තා තබමින් තිරගත වන්නකි. අප්‍රේල් 27 වැනිදා හොලිවුඩයට සමගාමිව ලොවපුරා ප්‍රදර්ශනය ආරම්භ කළ මෙම චිත්‍රපටය පළමු දිනයේදීම උපයාගත් මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 89කි. එය ලෝකයේ ඕනෑම චිත්‍රපටයක් සිය මංගල දිනයේදී උපයාගත් ඉහළම ආදායම ලෙස සිනමා ඉතිහාසයට එක්වේ.

දින තුනක් ගෙවෙද්දී ඇමෙරිකානු ඩොලර් මිලියන 650ක ආදායමක් උපයාගත් මෙම චිත්‍රපටය මේ වනවිට හොලිවුඩ් සිනමා ඉතිහාසයේ ආදායම් උපයා ගැනීමේ වාර්තා කිහිපයක්ම අලුත් කරන්නට සමත්ව ඇත. සිනමා විචාරකයන් පවසන්නේ මෙම චිත්‍රපටය කැමරන්ගේ ‘ඇවටර්’ හා ‘ටයිටැනික්’ චිත්‍රපට විසින් උපයාගෙන ඇති ආදායම ඉක්මවා යනු ඇති බවය. කොටස් දෙකකින් සමන්විත ‘ඇවෙන්ජර්ස් – ඉන්ෆිනිට් වෝර්’ චිත්‍රපටයේ පළමු කොටස මෙය වන අතර, දෙවැනි කොටස ලබන වසරේ මැයි මස 03 වැනිදා ප්‍රදර්ශනය වීමට නියමිතව ඇත.

source: saaravita.lk

Read more

Local News