ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ලබන වසරේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට යෝජනා වෙයි

Share

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ලබන වසරේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට යෝජනා වී තිබේ.
ලබන වසරේදී පැවැත්වෙන ඉන්දීය මැතිවරණය හේතුවෙන් ප්‍රිමියර්ලීග් ක්‍රිකට් තරගාවලිය එරට දී පැවැත්වීමට නොහැකි වන තත්ත්වයක් මතුව ඇත.
මේ හේතුවෙන් තරගාවලියේ තරග රැසක් ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමටයි යෝජනා වී ඇති බව වාර්තා වේ.
ශ්‍රී ලංකාව සමගින් තරගාවලියට සත්කාරකත්වය දැක්වීමට දකුණු අප්‍රිකාව හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය කැමැත්ත පළ කර තිබේ.
සත්කාරකත්වය ලබා දෙන්නේ කුමන රටට දැයි තවමත් තීරණයක් ගෙන නොමැත.

Read more

Local News