අල්ලස් ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ දැව සංස්ථා සභාපති අත්අඩංගුවට

Share

මෙරට දී ආරම්භ කිරීමට නියමිත ව්‍යාපෘතියක් සඳහා පිටරට සමාගමකින් රුපියල් කෝටි දෙකක අල්ලසක් ලබා ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානි ආචාර්ය අයි එච් කේ මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති පී දිසානායක යන මහත්වරු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අද පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබූහ.

අල්ලස් කොමිසම මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ ප‍්‍රධාන පෙළේ තරුපහේ හෝටලයක් තුළ දීය. ලංකාදීප පුවත්පත ඇසුරෙනි

Read more

Local News