“කතරගම නගර සංවර්ධන වැඩසටහන”යටතේ සංවර්ධනය කෙරෙන ස්ථාන සාගල රත්නායක මහතාගේ නිරීක්ෂණයට

Share

දක්ෂිණ සංවර්ධන වැඩසටහන යටතේ “කතරගම නගර සංවර්ධන වැඩසටහන” මඟින් සංවර්ධනය කිරීමට නියමිත ස්ථාන නිරීක්ෂණය කිරීම අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානී, තරුණ කටයුතු, ව්‍යාපෘති කළමනාකරණ සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා විසින් පසුගිය දා සිදුකරන ලදී.

අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානී, තරුණ කටයුතු, ව්‍යාපෘති කළමනාකරණ සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා ඊයේ (03) උදෑසන කතරගම, ඓතිහාසික වැඩසිටි කන්ද පූජා භූමිය වෙත පැමිණි අතර එහිදී විහාරය සහ වැඩසිටිකන්ද දේවාලය වැඳ පුදාගැනිමටද කටයුතු කෙරිණි. ඉන් අනතුරුව වැඩසිටිකන්ද පූජා භූමියේ නිරීක්ෂණයක නිරතවූ අතර එහිදී පවතින අඩුපාඩු සහ දියුණු කලයුතු අංශ පිළිබඳවද සොයාබැලීමක් සිදු කළේය. ඉන් අනතුරුව ඓතිහාසික වැඩසිටි කන්ද පූජා භූමියේ වාහල්කඩ ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීමේ උත්සවයද අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

කිරිවෙහෙර රජමහා විහාරස්ථානය වෙත පැමිණි අමාත්‍යවරයා කතරගම නගර සංවර්ධන සැලැස්ම පිලිබඳ විශේෂ සාකච්ජාවක් පවත්වනු ලැබිණි.

එසේම කතරගම නගරයේ ක්‍රීඩා පිටි, යෝජිත ස්වයන් රැකියා ප්‍රදේශ, කතරගම නගරයේ රථවාහන ගාල් සහ වෙළඳ සංකීර්ණ, බස් නැවතුම්පොළ, දෙටුගමුව වැව ආශ්‍රිත වැඩසටහන ආදිය පිළිබඳව මෙන්ම විශේෂයෙන්ම කතරගම පූජා භූමියට මෙන්ම කතරගම ජනතාවටද පානීය ජලය ලබාදියහැකි ව්‍යාපෘතියක් පිළිබඳවද අමාත්‍යවරයා මෙහිදී සාකච්ජා කරනු ලැබූ අතර පූජා භුමියත් එය කේන්ද්‍ර කරගත් කතරගම ජනතාවගේ ජීවන අතත්වය දියුණු කිරීමටත් අදාළ වැඩසටහන් පිලිබඳවැඩ මෙහිදී වැඩිදුරටත් සාකච්ජා කෙරුණා.

ඉන් අනතුරුව දක්ෂිණ සංවර්ධන වැඩසටහන යටතේ “කතරගම නගර සංවර්ධන වැඩසටහන” මඟින් සංවර්ධනය කිරීමට නියමිත ස්ථාන නිරීක්ෂණය කිරීම සඳහා සවස් කාලයේදී අමාත්‍යවරයා නිරීක්ෂණ චාරිකාවකටද එක් විය.

Read more

Local News