ගුවන් ගමන් කිහිපයක් ප්‍රමාදයි

Share

කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව යෑමට නියමිත ගුවන් ගමන් වාර 03 ක් ප්‍රමාද වන බව ගුවන්තොටුපොළ බලධාරීන් අද (04)  නිවේදනය කර ඇත.
ඒ අනුව අද අලුයම 7.35 ට ඉන්දියාවේ, කොචින් බලා පිටත්ව යෑමට නියමිත ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්. – 165 දරණ ගුවන් යානය දහවල් 12.30 ට පිටත්ව යෑමට නියමිතයි.
ඉන්දියාවේ චෙන්නායි බලා උදෑසන 8.35 ට පිටත්ව යෑමට නියමිත ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්.- 129 දරණ ගුවන් යානය උදෑසන 10.10 ට පිටත් වීමට නියමිතව ඇත.
සෞදි අරාබියේ ජෙඩා බලා දහවල් 2.25 ට පිටත්ව යෑමට නියමිතව තිබූ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්.- 281 යානය පිටත්ව යන්නේ සවස 5.05 ට බව ගුවන්තොටුපොළ බලධාරීන් පවසයි.

Read more

Local News