රත්තරන් කුට්ටි 16 ක් සමග සිව් දෙනෙක් අත්අඩංගුවට

Share

රුපියල් එක් කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දෙදහස් දෙසිය හැත්තෑවක් වටිනා රත්තරන් කුට්ටි 16 ක් තම කලිසම් සාක්කු වල සඟවා ගෙන, කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කිරීමට තැත් කළ, ඉන්දීය ජාතික ගුවන් මගීන් සිව් දෙනෙකු, පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.

මෙම ඉන්දියානු ජාතිකයන් සිව්දෙනා අවුරුදු 30,27,43 සහ 30 යන වයස්වල පසු වන්නෝ වෙති.

මොවුන් ඇද සිටි දිගු කලිසම්වල සාක්කුවල මෙම කහ රත්තරන් කුට්ටි 16 සඟවා ගෙන තිබූ අතර ඒවායේ මුළු බර කිලෝ ග්‍රෑම් 1 යි , ග්‍රෑම් 660 ක් බව රේගුව පවසයි.

මෙයින් එක් අයකුගේ කලිසම් සාක්කුවක රත්තරන් කුට්ටි 8 ක් ද , අනෙක් තිදෙනාගේ සාක්කුවල ඉතිරි රත්තරන් කුට්ටි 8 ද සඟවා ගෙන තිබී ඇත.

Read more

Local News