සාර්ථකව ඇමෙරිකානු සංචාරය නිම කළ ජනපති අද යළි දිවයිනට

Share

එක්සත් ජාතීන්ගේ 72 වන සැසිවාරය සඳහා සහභාගීවීමට ඇමෙරිකාවේ නිල සංචාරයක නිරත වූ ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සිය සංචාරය සාර්ථකව නිමවා අද (25) පෙරවරුවේ යළි දිවයිනට පැමිණියේය.

මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගීවූ තුන්වන අවස්ථාව මෙය වන අතර, රටක් ලෙස අප අනුගමනය කරන ප‍්‍රතිපත්ති ඉතා ඝෘජු ලෙස මෙහිදී ජනාධිපතිතුමා ලෝක නායකයින් හමුවේ ප‍්‍රකාශ කළේය.

Read more

Local News