හැරී කුමරු සහ මේගන් මර්කල් යුවළගේ රාජකීය විවාහ මංගලෝත්සවය වෙනුවෙන් අලංකාර බඳුන්

Share

බ්‍රිතාන්‍ය මැටි භාණ්ඩ නිෂ්පාදන සමාගමක් විසින් හැරී කුමරු සහ මේගන් මර්කල් යුවළගේ රාජකීය විවාහ මංගලෝත්සවය වෙනුවෙන් අලංකාර බඳුන් නිෂ්පාදනය කර ඇත.
සැමරුම් අවස්ථා වෙනුවෙන් භාණ්ඩ නිෂ්පාදනයේ නිරත එම සමාගම විලියම් කුමරුගේ විවාහ මංගලෝත්සවය මෙන්ම බ්‍රිතාන්‍ය රජ පවුලේ විවිධ විශේෂ අවස්ථා සනිටුහන් කිරීම නිමිති කර ගනිමින් භාණ්ඩ නිෂ්පාදනයේ කලක් පටන් නිරතව සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව මෙවර ද මෙම රාජකීය විවාහ මංගලෝත්සවය මුල් කර ගනිමින් නිෂ්පාදිත අලංකාර බඳුන් මේ වන විට වෙළඳ පොළට නිකුත් කර තිබේ.

Read more

Local News