හවායි හි කිලෝඒයා ගිනි කන්ද පිපිරීමට ලක්වෙයි

Share

පැසිෆික් සාගරයේ පිහිටි ඇමරිකා එක්සත් ජනපදයට අයත් දිවයින් පෙළක් වන හවායි හි කිලෝඒයා ගිනි කන්ද පිපිරීමට ලක්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

එය මහ පරිමාණ පිපිරීමක මූලාරම්භය විය හැකි බැවින් එහි හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කර ඇත.

අවදානම් කලාපයේ සිටින වැසියන්ට අනිවාර්යයෙන් ඉවත් වීමේ නියෝග නිකුත් කර තිබේ.

ඇමරිකානු රතු කුරුසය ඉවත් කර ගන්නා පුද්ගලයන් සඳහා තාවකාලික කඳවුරුද ඉදිකර අවසන්.

තවද, විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ ඇතැම් ස්ථානවල දැනටමත් ලාවා ගලා යාමට පටන් ගෙන ඇති අතර, එහි සල්ෆර් සහ දැවෙන ශාක වල ගන්ධය අඝ්‍රාණය වන බවයි.

Read more

Local News